වැට ඉන්නේ ආරවුලට ඇසිඩ් ගැසූ සැකකරු කොටු

වැට ඉන්නේ ආරවුලට ඇසිඩ් ගැසූ සැකකරු කොටු

ඉඩම් ආරවුලකට පුද්ගලයකුට ඇසිඩ් ගසා ප්‍රදේශයෙන් පැනගොස් සැඟව සිටින පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට උඩුගම පොලිසිය පියවරගෙන ඇති බව උඩුගම පොලිසිය පවසයි.

උඩුමලලගම මලලගොඩපිටිය ගම්මානයේ ඉඩම් ආරවුලක් දුරදිග යෑම නිසා ඇසිඩ් ප්‍රහාරයකින් තුවාල ලැබූ එක් අයකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඉකුත් 07 වැනි දින මෙය සිදුව ඇති අතර, ගම්මානයේ නිවෙස් දෙකක් අතර කාලයක සිට වැටට කෝන්තරයක් හටගෙන තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා