ගණේමුල්ලේ මහ හොරාට නඩු 10කට වසර 20ක සිර දඬුවම්

ගණේමුල්ලේ මහ හොරාට නඩු 10කට වසර 20ක සිර දඬුවම්

‍ගණේමුල්ල පොලිස් බලප්‍රදේශයේ වෙළෙඳසල් බිඳ දේපළ මුදල් සොරාගත් පුද්ගලයකුට නඩු 10කට එක් නඩුවකට වසර 2 බැගින් බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය, නඩු 10 ම ආසන්න කාලයේදී සිදු කළ වැරදි බැවින් නඩු 10 සඳහාම එලෙස වසර 02 බැගින් දඬුවම් නියම කර ඒ සෑම සිර දඬුවමක්ම වසර 05 බැගින් අත්හිටුවිමට ද නියෝග කළාය.

මේ අනුව වසර 20 ක සිර දඬුවම අත්හිටුවීමට ද නියෝග විය. නඩු 10 ට අදාළ සොරකම් කළ භාණ්ඩවල වටිනාකම රුපියල් 1,81979/- ක් විය. පැමිණිල්ල ගණේමුල්ල පොලිසිය ඉදිරිපත් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා