‘පොල් තෙල් දෙවැනි ඔලිව් තෙල්වලට පමණයි’

‘පොල් තෙල් දෙවැනි ඔලිව් තෙල්වලට පමණයි’

බැදුම් සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් පොල් තෙල් 30 වරක් වුවත් භාවිත කළ හැකි බව සෞඛ්‍ය අධ්‍යයන විශ්වවිද්‍යාල විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් දම්සිංහ මහතා පැවැසීය. ෆාම් ඔයිල්, එළවළු තෙල් නැවත නැවත එසේ භාවිත කළ නොහැකි බව කී දම්සිංහ මහතා දිගින් දිගටම ඒවා භාවිත කළහොත් පිලිකා කාරක විය හැකි යයි ද කීය.

ඔලිව් තෙල්වලට පමනක් පොල් තෙල් දෙවෙනි වන බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. වෛද්‍ය සුදත් දම්සිංහ මහතා මෙම තොරතුරු හෙළි කළේ පසුගියදා පැවැති ජාතික විද්වත් සභාව සංවිධානය කළ විද්වත් කථිකාවකට එක් වෙමිනි. මෙය කොළඹ දී පසුගිය දා පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා