සංවර්ධනය වන රටකට  ශ්‍රී ලංකාවෙන් ඉගෙන ගත හැකි දේ බොහෝයි

සංවර්ධනය වන රටකට  ශ්‍රී ලංකාවෙන් ඉගෙන ගත හැකි දේ බොහෝයි

සොලමන් දූපත් රාජ්‍යය පවසයි

දශක තුනක කාලයක් පැවැති අඳුරු යුගය නිමාවට පත්කොට ආර්ථික ජයග්‍රහණ සමඟින් ඉදිරියට යන ශ‍්‍රී ලංකාවෙන් ඉගෙන ගැනීමට බොහෝ දෑ පවතින බව සොලමන් දූපත් රාජ්‍යය පවසයි.

මීට වසර කිහිපයකට පෙර පැවැති තත්ත්වයට වඩා ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය බොහෝ සෙයින් වෙනස් බවද තමන්ට ශ්‍රී ලංකාවෙන් බොහෝ දේ ඉගෙනීමට ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක්හි සොලමන් දූපත් නිත්‍ය නියෝජිත කොලින් බෙක් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සදහන්කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක්හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා හමුවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන ක්‍රියාමාර්ග, ප්‍රතිසංධාන කටයුතු, අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය, පුනරුත්ථාපනය ආදී කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොලමන් දූපත් නියෝජිතයා දැනුවත් කර තිබේ.

සාමය උදාකර ගත් රටක් ලෙස ශ‍්‍රී ලංකාවේ අත්දැකීම් අතිශය වැදගත් බවද දේශපාලන, ආර්ථික සහ සමාජයීය වශයෙන්ද ශ‍්‍රී ලංකාව මේ වනවිට පැහැදිලි දියුණුවක් අත් කරගෙන තිබෙන බවද කොලින් බෙක් මහතා පවසා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා