හරීන් ප්‍රනාන්දුගෙන් මිලියන 500ක් ඉල්ලා දයාසිරි නඩු මගට

හරීන් ප්‍රනාන්දුගෙන් මිලියන 500ක් ඉල්ලා දයාසිරි නඩු මගට

පදනම් විරහිතව සිදුකරන අපහාසාත්මක චෝදනා සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් රුපියල් මිලියන 500ක් ඉල්ලා නඩු පවරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභා අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා කීය.

පදනම් විරහිත චෝදනා නොකර හරීන් කළ යුත්තේ අල්ලස් කොමිෂමේ පැමිණිල්ලක් කිරීම බවද ඒ මහතා පැවසුවේය.

දයාසිරි ජයසේකර මහතා මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කළේය.

පදනම් විරහිත චෝදනා එල්ල කරමින් පක්ෂය තුළ ගොඩනැගෙන්නට අනුන්ට වළකපන මඩ ගහන තත්ත්වයට හරීන් පත්වීම පිළිබඳව කනගාටුවන බවද හෙතෙම කීය.

එජාපය නිසා දයාසිරි බැබලුණා මිස එජාපයට දයාසිරිගෙන් හිමිවූ තත්ත්වයක් ‍නොමැති බව අද ඇතමුන් පැවසුවත් මෙරට ජනතාව සත්‍ය දන්නා බවත් දයාසිරි ජනතා ඡන්දයෙන් මිස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය අයෙකු නොවන බව අද බොරු අවලාද නඟන පිරිස්වලට තමන් කියන බවද ඒ මහතා පැවසුවේය.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු නොගොස් හැකිනම් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කර ජයගන්නා ලෙස තමන් එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අභියෝග කරන බවද දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේය.

මෙවර මැතිවරණයේදී එජාපය වයඹ පළාතින් බිමට ඇද වැටී ඇති බැවින් කර කියා ගත නොහැකිව සිටින එජාප නායකයා කඩිමුඩියේ පාලිත රංගේ බණ්ඩාරගේ හා අශෝක අබේසිංහගේ විනය පරීක්ෂණ අවසන් කළ බවත් මෙය මැතිවරණය අහිමි වනතුරු ඔවුන්ට දුන් ගුණ්ඩුවක් බවත් හෙතෙම කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා