ජාතික පාසල් ගුරු පුරප්පාඩුවලට උපාධිධාරින් බඳවා ගැනීමට සම්මුඛ පරීක්‍ෂණ

ජාතික පාසල් ගුරු පුරප්පාඩුවලට උපාධිධාරින් බඳවා ගැනීමට සම්මුඛ පරීක්‍ෂණ

ජාතික පාසල් සඳහා පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මේ මාසයේ ආරම්භ වන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ පුරප්පාඩු පිරවීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කර අයදුම්පත් කැඳවා ඒ සඳහා වන ලිඛිත පරීක්‍ෂණ 2013.07.06 වැනි දින පවත්වා තිබෙන අතර ඉන් ඉහළ ම සුදුසුකම් ලබන පිරිස සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන මාධ්‍යයන්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා මේ නව ගුරුවරුන් බඳවා ගැනීම සිදුවන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ලබන පාසල් වාරය ආම්භයේදී මෙම නව උපාධිධාරි ගුරු පත්වීම් ලබාදීමට නියමිත බවත් පුරප්පාඩු පවතින විෂයන් සඳහා නව ගුරුවරුන් 850 දෙනකු බඳවා ගැනීම සිදු වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා