රුපියල් ලක්ෂ 48ක වියදමින් රඹුක්කන අශෝක කරුණාරත්න ක්‍රීඩාපිටිය සංවර්ධනයට

රුපියල් ලක්ෂ 48ක වියදමින් රඹුක්කන අශෝක කරුණාරත්න ක්‍රීඩාපිටිය සංවර්ධනයට


ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති අයුරු

ඡායාරූපය - රඹුකක්න උතුර සමූහ විපුල එස්. කුමාරතුංග

සබරගමුව පළාත් සභා ප්‍රතිපාදන රුපියල් ලක්ෂ හතළිස් අටක මුදලක් වැයකරමින් රඹුක්කන අශෝක කරුණාරත්න ක්‍රිඩාපිටිය සංවර්ධනය කිරීමට පියවරගෙන තිබේ.

1998 වර්ෂයේ සංවර්ධන කටයුතු ආරම්භ කළද එය අතරමඟ නතරවිය.

සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතාගේ මූලිකත්වයෙන් පළාත් සභා ප්‍රතිපාදන වැයකරමින් ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම සඳහා ඉකුත් 27දින මුල්ගල තැබිණි.

රඹුක්කන ප්‍රාදේශීය සභා සභාපති අතුල හඳගම මහතා ප්‍රමුඛ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ රඹුක්කන ප්‍රවිණයන්ගේ මලල ක්‍රීඩාසමාජයේ නිලධාරීන්, ක්‍රීඩකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙහි මූලික වැඩ ආරම්භ කෙරිණි.

ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම සම්බන්ධව ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සමාජයේ සභාපති “ඩයස්” මහතා පැවසුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අංගසම්පූර්ණ ක්‍රීඩාපිටියක් බවට මෙය සංවර්ධනය කරන බවත්, ඒ අනුව මීටර් 100 ධාවන පථය එක් දිශාවකට සකස් කිරීමටත්, ජලය බැස යන ආකාරයට ක්‍රීඩාපිටිය තණකොළ ඇල්ලීම, ආවරණ වැට සකස් කිරීම ආදිය නියමිත ප්‍රමිතියට අනුව සිදුකරන බවත් මෙහි සියලු සංවර්ධන කටයුතු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සමාජයේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් නියමිත දිනට ප්‍රථම වැඩ නිමකර බාරදීමට සිදුකරන බවත් පවසා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා