සුළි කුණාටුවෙන් හානියට පත් බලපිටියේ  ධීවර දරුවන්ට ජාත්‍යන්තර පාසලකින් ආධාර

සුළි කුණාටුවෙන් හානියට පත් බලපිටියේ  ධීවර දරුවන්ට ජාත්‍යන්තර පාසලකින් ආධාර

පසුගිය ජූනි මාසයේදී ඇතිවූ සුළි කුණාටුවෙන් මියගිය බලපිටිය ධීවරයන්ගේ පවුල්වල පාසල් දරුවන් සහ පවුලේ සාමාජිකයන් සඳහා සමාජ සත්කාරක සේවාවක් මීගමුව ඇඩ්වෙන්ටීස්ට් ජාත්‍යන්තර පාසලේ දරු දැරියන් විසින් බලපිටිය ධීවර ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී.

එම දරුවන් සඳහා පාසල් උපකරණ, වියළි ආහාර ඇතුළු ද්‍රව්‍යද, එම කාන්තාවන්ට ස්වයංරැකියා සඳහා ලණු අඹරන යන්ත්‍රද මෙහිදී එම දරුවන් විසින් ප්‍රදානය කෙරිණි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ජාතික ධීවර මහා සම්මේලනය, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව මෙම සමාජ සත්කාරක සේවාව සම්බන්ධීකරණය කර ඇත.

මෙම අවස්ථාවට ඇඩ්වෙන්ටීස්ට් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති රෝහණ ‍ෙපරේරා මහතා ප්‍රම්‍රඛ ආචාර්ය මණ්ඩලයද එක්වූහ.

ධීවර අමාත්‍ය මහජන සම්බන්ධතා ලේකම් හා ජාතික ධීවර මහා සම්මේලනයේ මහලේකම් ෙප්‍ර්මසිරි පෙරේරා මහතාද සහභාගි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා