රුහුණු සරසවියේ කෘෂි ඉංජිනේරු විද්‍යා පළමුවැනියාට රන් පදක්කමක්

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ යුවළ නමින්

රුහුණු සරසවියේ කෘෂි ඉංජිනේරු විද්‍යා පළමුවැනියාට රන් පදක්කමක්

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ එම මහත්මිය වන දෝන දන්දිනා සමරසිංහ දිසානායක නමින් රුහුණු විශ්වවිද්‍යාලය විසින් කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යා රන් පදක්කමක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

‍රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික සහ සමාජ සේවා පදනමේ උප කමිටුවක් වන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ දේශන කමිටුව මේ පදක්කම පිරිනමනු ලැබේ.

මේ රන් පදක්කම පිරිනැමීම ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 108 වැනි ජන්ම සංවත්සරය යෙදුණු 2013 මාර්තු 30 නිමිති කොට ගෙන 2014 වසරේ සිට නොකඩවා සෑම වසරකදීම සිදු කිරීමට කටයුතු යොදා ඇත. එමෙන්ම ඉදිරියේදී රජයේ සෑම විශ්වවිද්‍යාලයකම කෘෂි ඉංජිනේරු විද්‍යා පාඨමාලාවන්හි පළමුවැනියා වෙමින් ප්‍රථම පන්ති සාමාර්ථයන් ලබන උපාධිධාරියාට රන් පදක්කම බැගින් ප්‍රදානය කිරීමට අවශ්‍ය ප්‍රතිලාභ හා පහසුකම් සැලසීමට රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික සහ සමාජ සේවා පදනම කටයුතු යොදා තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක චමල් රාජපක්ෂ මහත්වරු ඇතුළු සහෝදර සහෝදරියන් දැනුවත් කර එකඟතාව හා අනුමැතිය ලබාගෙන ඇති අතර රුහුණු විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුමකට ද අත්සන් තැබීමට කමිටුව කටයුතු කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා