DCD අවුල ලිහාගන්න රජය සමඟ එක්ව කටයුතු කරනවා

DCD අවුල ලිහාගන්න රජය සමඟ එක්ව කටයුතු කරනවා

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් නිවේදනය කරයි

ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනය විසින් ෆොන්ටෙරා කිරිපිටි නිෂ්පාදනවල ඩී. සී. ඩී. අඩංගු බවට ඉදිරිපත් කර ඇති වාර්තාව නිවැරැදි කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කරන බව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම ඊයේ (7) නිවේදනය කෙළේය.

නිවුසවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ විශ්ලේෂක රසායන විද්‍යාව සම්බන්ධ සම්මානනීය මහාචාර්ය බ්‍රින් හීබර්ට් මහතා ගේ අදහස් අනුව කිරිපිටිවල ඩී. සී. ඩී. අඩංගුවේ යැයි සහ අඩංගු ප්‍රමාණයන් ප්‍රකාශ කිරීම සඳහා තාක්ෂණික කාර්මික ආයතනය විසින් යොදා ගත් ක්‍රමවේදය ඒ සඳහා සුදුසු නොවේ.

ලියෝන් ක්ලෙමන්ට් මහතා-“පරම්පරා ගණනාවක සිට ශ්‍රී ලාංකීය පවුල්වලට අවශ්‍ය කිරි පෝෂණය ලබාදීමට අපි කටයුතු කළා. නමුත් මෙම සාවද්‍ය වාර්තාව නිසා ශ්‍රී ලාංකිකයන් හට ඇන්කර් පිළිබඳ වැරැදි අවබෝධයක් ඇති වෙනවා.

පාරිභෝගිකයන් තුළ අනවශ්‍ය බියක් සහ දුරවබෝධයක් ඇති නොවන පරිදි මෙම තත්ත්වය නිරවුල් කර ගැනීමට අප රජය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා