ජ’පුර සරසවියේ සමන්ත සිසුවා ඝාතනයට සැකකාර සමන් අත්අඩංගුවට ගන්න නියෝග

ජ’පුර සරසවියේ සමන්ත සිසුවා ඝාතනයට සැකකාර සමන් අත්අඩංගුවට ගන්න නියෝග

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සමන්ත සිසුවා අතින් පයින් හා පොලුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධ නඩුවෙන් චෝදනා ලැබ සිටින එම විශ්වවිද්‍යාලයේ සිසුවකු වූ හයවෙනි විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුැ කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය (06) දා වරෙන්තු නිකුත් කළාය.

නඩුව (06) දා විභාගය සඳහා කැඳවූ අවස්ථාවේ අධිකරණයට නොපැමිණි හය වැනි විත්තිකරු වූ ඒ.ඒ. සමන් නමැති විත්තිකරුට එසේ වරෙන්තු නිකුත් කෙරුණි.

සමන්ත සිසුවා ඝාතනය සම්බන්ධව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එවකට ඉගෙනුම ලැබූ සිසුන් 22කට එරෙහිව අධි චෝදනා ගොනුකළද සිසුන් දෙදෙනෙකු නොමැතිව සිසුන් 20කට එරෙහිව මේ නඩුව විභාගයට ගැනෙයි.

නඩුව (06) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පස්වන විත්තිකරු ද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීපව පසුවන බව දන්වමින් ඔහුගේ නීතිඥවරයා විසින් අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

2002 වසරේ නොවැම්බර් 07 වැනිදා ගංගොඩවිලදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ වූ අභ්‍යන්තර සිසු ගැටුමකදී අතින් පයින් හා පොලුවලින් පහරදී එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඕවිටිගල විතානගේ සමන්ත සිසුවා ඝාතනය කැර තවත් සිසුන් පිරිසකට බරපතල තුවාල සිදු කළ බවට නීතිපතිවරයා විසින් විත්තිකාර සිසුනට එරෙහිව අධි චෝදනා ගොනු කැර ඇත.

විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම මත නඩුව විභාගයට ගැනීම ලබන සැප්තැම්බර් මස 18 වැනිදාට කල් තැබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා