සත්පත්තිනි මහා දෙවොලේ අැසළ පෙරහර අද ඇරැඹේ

සත්පත්තිනි මහා දෙවොලේ අැසළ පෙරහර අද ඇරැඹේ

නවගමුව පුරාණ ශ්‍රී සත්පත්තිණි මහා දේවාලයේ 2013 ඇසළ මහා පෙරහර මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමට පැවැත්වෙන බව සංවිධායක කමිටුව දන්වා සිටී. මෙය අගෝස්තු 08 වනදා සිට 31 දක්වා පැවැත්වේ.

අගෝස්තු 10 කුඹල් පෙරහර 11 හා 12 දෙදින මල් පෙරහර 14, 15, 16 තෙදින පාවාඩ පිට පෙරහර 17, 18, 19 යන තෙදින ගොන්පිට රන්දෝලි පෙරහර 21, 22, 23 දිනවලදී අලි පිට මහා ‍රන්දෝලි පෙරහැරද, අගෝස්තු 24 දින තුන්වේල අලි ඇතුන් සහිත මහා රන්දෝලි පෙරහැර 25 වන දින දියකපා ගෙවදින දහවල් මහා පෙරහැර රණාල සුදැවිල මැණික් තොටුපලේ සිට දේවාලය දක්වා සංචාරය කරනු ලැබේ.

තවද අගෝස්තු 31 රාත්‍රි ගිනිමඩු මංගල්‍යය පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා