වස කිරිපිටි ලොවින් ඉවත් කරන්න ෆොන්ටෙරා සමාගම දැඩි වෑයමක

වස කිරිපිටි ලොවින් ඉවත් කරන්න ෆොන්ටෙරා සමාගම දැඩි වෑයමක

නවසීලන්තයේ ෆොන්ටෙරා කිරි නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදිත ළදරු කිරිපිටි ලොව පුරා තහනම් කිරිමට පාදක වූ විස මුසු විමේ බිය තුරන් කිරීමට හා එම විසමුසු ළදරු කිරිපිටි තොග ඉවත් කර ගැනීම සඳහා අවසන් දින වකවානුවක් පැනවීමේ අරගලයක එරට බලධාරින් නියුක්තව සිටින බව වාර්තා වේ.

නවසීලන්තයේ වෙලින්ටන්හි සුපිරි වෙළෙඳ සලක ‍ෆොන්ටෙරා නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට අනතුරු අඟවා තිබුණේ මෙසේය.

නවසීලන්ත රජයත් ෆොන්ටෙරා සමාගමත් මේ සතිය මුලදී ප්‍රකාශ කර තිබුණේ අසාධු බැක්ටිරීයාවක් මුසුවී ඇතැයි සැලකෙන අවසන් ළදරු කිරිපිටි තොගය විකිණීමෙන් ඉවත් කර ගැනීම අද වනවිට අවසාන කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවය. එහෙත් එය සහතික වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව රජයේ ඇමැතිවරුන් කීපදෙනකුම පවසා තිබේ.

චීනයේ සිට සවුදි අරාබිය දක්වා රටවලට බෙදාහැරුණු අදාළ නිෂ්පාදනයෙන් 90%ක් පමණ මේ වනවිට ආපසු එකතු කරගැනීමට හැකිව ඇතැයි ප්‍රකාශ වී ඇති අතර ‍ෆොන්ටෙරා සමාගමේ වාර්තා පිරික්සමින් ඉතිරි 10% පිළිබඳ තොරතුරු සොයා බලමින් සිටින බව වෙළෙඳ ඇමැති ටිම් ග්‍රොසර් පවසා ඇත.

අවසන් කිරිපිටි කෑනය දක්වා ඉතිරි ළදරු කිරිපිටි තොගය සොයාගැනීම ඒවා විනාශ කිරීමේ ක්‍රියාවහා බැඳුණු ක්‍රියාවලියක් බවත් අවාසනාවකට මෙන් ඊට වැඩි

කාලයක් ගතවන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ප්‍රශ්නයට තුඩු දුන් ළදරු කිරිපිටි තොග නවසීලන්ත කඩසාප්පුවලින් ඉවත් කර ඇති නමුත් අන්තර්ජාතිකව බෙදාහැරුණු කොටස්වලින් ඇතැම් කිරිපිටි තොග ඇත්තේ කොහේද යන්න තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නැතැයි ආර්ථික සංවර්ධන ඇමැති ස්ටෙ‍ෆන් ජොයිස් පවසා ඇත. ඇතැම්විට මේවා දැනටමත්පාරිභෝගිකයන් අතට පත්ව තිබිය හැකි බව ද ඔහු කීවේය.

මේ විස සහිත බැක්ටීරියා බිය නවසීලන්තයේ පවිත්‍ර කිරි නිෂ්පාදනය පිළිබඳ කීර්තිය කැළලක් වී ඇතැයි ද ඔහු කීය.

‍ෆොන්ටෙරා නිෂ්පාදන වැඩියෙන්ම අලෙවි වන චීනයේ පුවත්පත් කතු වැකියකින් මේ සම්බන්ධයෙන් නවසීලන්තයට දොස් පවරා තිබුණේ එරට කිරි නිෂ්පාදන අපනයනය පිළිබඳව පවත්තා රෙගුලාසි ප්‍රමාණවත් නොවීම ඊට හේතුවී ඇති බව අවධාරණය කරමිනි.

මීට කලින්ද ‍චීන සමාගමක කොටස් හිමිකම ඇතිව එම සමාගම සමඟ එක්ව සිය කිරිපිටි නිෂ්පාදනයන්ට මෙලමයින් නම් රසායනිකය මුසු කිරීමට ෆොන්ටෙරා සමාගම හවුල් වීමෙන් 2008 දී ළමයින් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 300,000ක් පමණ රෝගීන් බවට පත්ව තිබිණ.

නමුත් මෙවර එවන් තත්ත්වයක් වාර්තා වී නොමැති නමුත් මතුව ඇති තත්ත්වය අපනයන ක්‍රියාවලියට අහිතකර ලෙස බලපාන බව වෙළෙඳ ඇමැතිවරයා පවසා තිබේ.

ෆොන්ටෙරා සමාගම ඉකුත් ජූලි 31 වනවිට විස සහිත බැක්ටිරියාවක් සිය පිටිකිරි නිෂ්පාදනවලට මුසුව ඇති බව දැන සිටි නමුත් පසුගිය සෙනසුරාදා ඡේද 11 කින් යුත් නි‍වේදනයක් නිකුත් කරන තුරු ඒබව අනාවරණය කර නොතිබුණු අතර එම නිවේදනයේ ද අවසන්‍ කොටස දක්වාම එම මුසුව ළදරු නිෂ්පාදනවලට මුසු වී ඇති බව හා ඉන් බොටියුලිසම් යන විස සහිත තත්ත්වය ඇති විය හැකි බව සඳහන් කර නොතිබිණ. තවද එම නිෂ්පාදන අපනයනය ‍කරන ලද රටවල් ගැන ද සඳහනක් නොතිබිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා