අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අනුර දිසානායක

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අනුර දිසානායක

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා ලෙස අනුර දිසානායක මහතා ඊයේ (07) පෙරවරුවේ ආගමික වතාවත් සිදු කර සිය ධුරයේ වැඩ භාරගත්තේය.

මේ අවස්ථාවට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහත්වරු, විභාග කොමසාරිස් ජනරාල්තුමා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්‍ෂවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ තනතුර සඳහා පත්වන තෙක් වසර 12ක් පමණ කාලයක සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ තනතුරු කිහිපයක දිසානායක මහතා කටයුතු කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ ඒ මහතා අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ බහුල අත්දැකීම් ලබා ඇති අතර මේ වන විට ජනාධිපති අතිරේක ලේකම්වරයකු ලෙස ද දිසානායක මහතා කටයුතු කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා