අන්සතු හැඳුනුම්පතක් ළඟ තබාගත් අයෙක් රිමාන්ඩ්

අන්සතු හැඳුනුම්පතක් ළඟ තබාගත් අයෙක් රිමාන්ඩ්

අන්සතු ජාතික හැඳුනුම්පතක්, රියදුරු බලපත්‍රයක් හා යුද හමුදා නිල හැදුනුම්පතක් ළඟ තබා ගත් බව කියන සැකකරුවකු අගෝස්තු මස දහනව වෙනිදා (19දා) දක්වා රිමාන්ඩ්භාරයේ තැබීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුැ තිළිණ ගමගේ මහතා ඊයේ (07) නියෝග කළේය.

ගල්ගමුව සඟබෝපුර සරත් රත්නායක නමැති තිස්පස් හැවිරිදි සැකකරුවා මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණ.

පසුගියදා (6දා) කොටුව දුම්රියපළේදී අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු කොටුව පොලීසියේ උ.පො.ප. වසන්ත මහතාගේ පැමිණිල්ලකට අනුව කොටුව වැඩබලන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න මහතාගේ නියෝග මත ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලදී.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරමින් සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පවත්වන බැවින් ඔහු රිමාන්ඩ්භාරයට පත්කරණ ලෙස පොලීසිය ඉල්ලා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා