DCD අඩංගු දැයි සැක කිරිපිටි පරීක්ෂණයකට

DCD අඩංගු දැයි සැක කිරිපිටි පරීක්ෂණයකට

ඩයිසයිනඩමයිඩ් (DCD) නමැති රසායනිකය අඩංගු යැයි සැක කරන සියලුම කිරිපිටි සාම්පල කාර්මික තාක්ෂණික ආයතනයේ පරීක්ෂණ සඳහා ඊයේ (7) සිට යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

අධි සාන්ද්‍රණය සහිත කිරිපිටි සහ අතිරේක පෝෂණීය ආහාර සාම්පලවල ක්ලොස්ට්‍රිඩියම් බොටලිනම් නමැති බැක්ටීරියාව අන්තර්ගතදැයි සොයා බැලීම සඳහා වෛද්‍ය පර්යේෂණායතනයේ පරීක්ෂණවලට යොමු කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

නවසීලන්තයෙන් ගෙන්වන සියලුම කිරිපිටි සාම්පල වරායෙන් ලබාගෙන ඒවායෙහි ක්ලොස්ට්‍රිඩියම් බොටලිනම් නමැති බැක්ටීරියාව අඩංගු දැයි පරික්ෂා කිරීමෙන් පසුව බැක්ටීරියාව නොමැති බවට අනාවරණය වන කිරිපිටි තොග වරායෙන් නිදහස් කිරීමට ද අමාත්‍යාංශය තීරණය කර ඇත.

මීට අමතරව DCD පවතින බවට වාර්තා නිකුත් කර ඇති කිරිපිටි වහාම වෙළඳ පොළෙන් ඉවත් කර ගන්නා ලෙසට මැලිබන්, ෆොන්ටේරා, පී.එම්. මොහොමඩ් සහ සමාගම යනාදී කිරිපිටි සමාගම්වලට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත.

ඒ අනුව DCD ඇති බවට කාර්මික තාක්ෂණික ආයතනය අනාවරණය කර ගත් ඇන්කර් 1+, ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරි, මැලිබන් යොදය රහිත කිරි, ඩයමන්ඩ් කිරිවල අඳාළ කාණ්ඩ අංක තොග වෙළඳපොළෙන් වහාම ඉවත් කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා