පොල් කඩන්න ගිය තරුණයාට දැරිය දැක ගිය කාරිය අමතක වෙලා

පොල් කඩන්න ගිය තරුණයාට දැරිය දැක ගිය කාරිය අමතක වෙලා

හෙම්මාතගම අල්පිටිය ගම්මානයේ පොල් කැඩීමෙහි යෙදෙන වයස අවුරුදු 19 වන තරුණයකු පොල් කැඩීමට ගෙවත්තකට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී නිවෙසේ වෙනත් කෙනකු නොසිටි නිසා ගස් නැගීම අමතක කැර එම නිවෙසේ සිටි වයස අවුරුදු 11 ක් වන දැරියකට අතවර කැර ඇති බවට චෝදනා නඟා එම තැනැත්තා මාවනැල්ල දිසා හා මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය වෙත විවෘත අධිකරණය හමුවේ ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතකිරීම සඳහා හෙම්මාතගම පොලිසිය පියවර ගෙන තිබේ.

මහේස්ත්‍රාත්වරියගේ නියෝගය මත දැරිය රජයේ රෝහලකට ඇතුළත් කැර ඇය පිළිබඳව අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා වෙතින් වෛද්‍ය වාර්තාවක් ලබාගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී පොලිසිය පියවර ගෙන ඇත.

හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා විසින් මේ සිද්ධිය පිළිබඳව අපරාධ “බී” වාර්තාවකින් මාවනැල්ල දිසා හා මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය වෙත කරුණු වාර්තා කැර වැඩිදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කැර අදාළ සියලු විස්තර ද ලබාගෙන ඔහු රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කෙරිණි. ඉක්බිතිව පොලිසිය එම සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කැරගෙන යනු ලබන වග ද පොලිසිය පවසයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා