කළුතර පුරන් කුඹුරුවල එළවළු - පලා වගා කරයි

කළුතර පුරන් කුඹුරුවල එළවළු - පලා වගා කරයි

දීර්ඝ කාලයක් තිස්සේ කළුතර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු ඉඩම් වෙනත් බෝග වගා සඳහා යොමු කිරීමට කළුතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මගින් තීරණය කර තිබේ.

මේ පිළිබඳව කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයෙන් ලද තොරතුරු අනුව කළුතර දිස්ත්‍රික් ලේකම් යු. ඩී. සී. ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කළුතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මගින් තීරණ කීපයක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ කුඹුරුවල එළවළු, පලාවර්ග වැනි බහු වාර්ෂික නොවන බෝග වර්ග වගා කිරීමට යොදා ගැනේ. කළුතර දිස්ත්‍රික්ක ගොවිජන සංවර්ධන කාර්යාලය, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ සඳහා වන යෝජනා දැනටමත් ඉදිරිපත් කර ඇත.

එසේ තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව දිස්ත්‍රික්කයේ ඇති පුරන් කුඹුරු සම්බන්ධයෙන් කඩිනමින් සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙසද හෙතෙම උපදෙස් ලබා දී ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා