හියාරේ ජලාශයේ කිඹුල් ගෙවල් එපා!

හියාරේ ජලාශයේ කිඹුල් ගෙවල් එපා!

දකුණේ ඉපැරණි ජලාශයක්වූ හියාරේ ජලාශය මේ වන විට කිඹුලන් ‍ගේ රාජධානියක් බවට පත්ව ඇති බව අවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

රාජ්‍ය නොවන සංවිධාන හා පරිසර සංවිධාන මඟින් පසුගිය සමයේ මේ ජලාශයට කිඹුල් පැටවුන් තොගයක් මුදාහරින ලද බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද ඔවුහු පවසති.

එතෙක් මේ ජලාශයේ කිඹුලන් නොසිටි අතර මේ වන විට ජලාශයෙහි ජලය පරිහරණය පවා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති බව ද තතුදත් පිරිස් සඳහන් කර සිටිති. උදා වී ඇති තත්ත්වය පිළිබඳව අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතුව ඇති බවද හියාරේ අවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා