බාගෙට ඇදන් ඩිස්කො නටන්න ගිය පැරැණි පෙම්වතිය උස්සන් ගිය බූට් කාපු පෙම්වතාට වැඩ වරදී

බාගෙට ඇදන් ඩිස්කො නටන්න ගිය පැරැණි පෙම්වතිය
උස්සන් ගිය බූට් කාපු පෙම්වතාට වැඩ වරදී

තම පෙම්වතා සමඟ උණවටුන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක පැවැති ඩිස්කෝ නැටුම් සාදයකට සහභාගී වී ආපසු නිවෙස බලා යමින් සිටි මෝස්තර නිරූපිකාවක් පෙරේදා (14) අලුයම ඇගේ පැරැණි පෙම්වතා විසින් අතරමඟ දී පැහැරගෙන ගොස් ගාල්ල සමණල ක්‍රීඩාංගනය අසළ දමාගොස් ඇත.

විසි හත් (27) හැවිරිදි රූමත් මේ නිරූපිකාව බද්දේගම ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ පෙම්වතා තවත් මිතුරන් තිදෙනකු සමඟ පැමිණ පෙම්වතියගේ මවගේ අවසරය මත ඇය රාත්‍රී ඩිස්කෝ නැටුම් සාදයකට රැගෙන ගොස් ඇත.

එහිදී ඇයගේ පැරැණි පෙම්වතා ද හමු වී ඇති අතර ඇය පැරැණි පෙම්වතා සමඟ කතාබස් කර තිබේ. එහෙත් ඇගේ වත්මන් පෙම්වතා ඊට විරෝධය පලකර ඇත.පසුදින (14) අලුයම් කාලයේ ඩිස්කෝ නැටුම් සාදය නිමවීමෙන් පසුව පෙම්වතා තවත් මිතුරන් තිදෙනකු සමඟ මෝටර් රථයකින්ඇය නිවෙස කරා රැගෙන ගොස් තිබේ.

එම අවස්ථාවේ පැරැණි පෙම්වතා තවත් පිරිසක් සමඟ යතුරුපැදි කීපයකින් එම මෝටර් රථය පසුපස හඹා යනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කදුරුදූව වර්ණ සංඥා පද්ධතිය අසළ මෝටර් රථය නවතා ඇත.එම අවස්ථාවේ පසුපසින් පැමිණි පැරැණි පෙම්වතා සහ වත්මන් පෙම්වතා අතර බහින්බස් වීමක් සිදුවී තිබේ.

එහිදී පැරැණි පෙම්වතා තම පැරැණි පෙම්වතිය ඔසවා යතුරුපැදියේ ඉදිරිපස තබාගෙන ගොස් ගාල්ල සමණල පාලම අසළ ඇය දමාගොස් ඇත.එම අවස්ථාවේ ඉතාමත් නුසුදුසු අන්දමේ කොට කලිසමක් ඇය ඇඳ සිටි බව ද වාර්තා වේ.

පසුව ඩිස්කෝ නැටුම් සාදයේ සංවිධායකවරයාට දන්වා ඔහුගේ මාර්ගයෙන් ඇය තම නිවෙසට ගොස් තිබේ. තම පෙම්වතිය පැහැරගෙන ගිය බවට ඇගේ පෙම්වතා විසින් ගාල්ල වරාය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු වැඩිදුර පරීක්ෂණ සඳහා අක්මීමණ පොලිසියට භාරදී ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා