ජාතික ඵලදායිතා සම්මාන උළෙලට ආයතන ලහි ලහියේ සුදානම්

ජාතික ඵලදායිතා සම්මාන උළෙලට ආයතන ලහි ලහියේ සුදානම්

ජාතික ඵලදායිතා සම්මාන උළෙල සඳහා මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත තරඟාවලියට සියලු රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන ලහි ලහියේ සුදානම් වෙයි.

ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සහ රටේත් සමාජයේත් යහපැවැත්ම උදෙසා වු පෞද්ගලික ආයතන පද්ධතියක් ස්ථාපිත කිරිම සඳහා දිරිගන්වනු වස් සෑම වසරක් පාසාම පවත්වනු ලබන ජාතික ඵලදායිතා සම්මාන උළෙල මෙවරත් පැවැත්වීමට ඵලදායිතා මහලේකම් කාර්යාලය කටයුතු සුදානම් කර තිබේ. ඒ අනුව සෑම රාජ්‍ය ආයතනයක්ම මේ සඳහා ඉදිරිපත්විය යුතු අතර තරඟාවලියේ ප්‍රථම අදියර ලෙස ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

ඵලදයිතා මහ ලේකම් කාර්යාලයේ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් මේ ව්‍යාපෘති වාර්තා පරීක්ෂා කිරිමෙන් පසු තේරි පත්වුණු වාර්තා ඉදිරිපත් කළ ආයතන ඵලදායිතා තරඟ කොන්දේසි වලට අනුව යළි විමර්ශනය කර ලකුණු ලබා දීමක් සිදුකරනු ලබයි.

මේ ඵලදායිතා තරඟාවලීයේ දි ඒ ඒ ආයතනවල විවිධ අංශ සහ දෙපාර්තමේන්තුවල නිලධාරින්ගෙන් සැදුම්ලත් තත්ත්ව කව වෙන වෙනම තරඟයට ඉදිරිපත්වන අතර නිර්මාණ ශීලිත්වය, තාක්ෂණය හා යෙදවුම් සහ මානව සම්පත උපයෝගි කර ගෙන කාර්යක්ෂම හා ඵලදායි ජනතා සේවාවක් ඇති කිරිම සඳහා ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් සහ ව්‍යාපෘතිවලට ලකුණු ලබා දෙයි.

මිට අමතරව ආයතනවල නිලධාරීන්ගේ ඵලදායිතා දැනුම ද පරීක්ෂාවට ලක් කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා