අනුරාධපුර මහාධිකරණයේ නීතීඥවරියක‍ට පහරදී  ලක්ෂ ගණනක් වටිනා රන් මාලය කොල්ල කාලා

අනුරාධපුර මහාධිකරණයේ නීතීඥවරියක‍ට පහරදී  ලක්ෂ ගණනක් වටිනා රන් මාලය කොල්ල කාලා

තුවාල ලැබූ දියණියත් රෝහලේ

සැකපිට 4ක් අත්අඩංගුවට

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අනුරාධපුර මහාධිකරණයේ සේවයේ කරන නීතීඥ මධාරා විජේසිංහ මහත්මියට පහරදී ඇය සතුව තිබු රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට සැකපිට පුද්ගලයන් සිවුදෙනෙකු අනුරාධපුර මුලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශය හා අපරාධ විමර්ශන අංශය එක්ව අත්අඩංගුවට ගෙන ඇත.

නීතීඥ මාධාරා විජේසිංහ මහත්මිය පසුගිය 15 වනදා ඇගේ සැමියා සහ අට හැවිරිදි ඇගේ දියණිය සමග ඔවුන්ට අයත් මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අනුරාධපුර තම්මැන්කුලම ජය මාවත ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති අතර පහරදීමෙන් තුවාල ලැබු ඒ මහත්මියගේ දියණිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ 17 වනදා දහවල් වනතුරුත් ප්‍රතිකාර ලබමින් සිටියාය. නීතීඥවරිය තම්මැන්නාකුලම ජය මාවත දෙසට ගමන් කරමින් සිටියදී සැකකරුවන් අධික ලෙස බීමතින් මෝටර් රථය පටු මාර්ගය මැද්දේ නවතාගෙන තවත් පුද්ගලයෙකු සමග පිළිසදරක යෙදෙද්දී ඇය ගමන් ගත් මෝටර් රථය සැකකරුවන්ගේ මෝටර් රථය පිටුපස නතර කර කිහිප වතාවක් මෝටර් රථය මාර්ගයෙන් ඉවත් කර ගන්නා ලෙස දන්වමින් නලාව හඩවා ඇත. ඒ අවස්ථාවේ අධික ලෙසින් බීමත්ව සිටි සැකකරුවන් කෝපයට පත් වී පැමිණ මෙම ප්‍රදේශයේ හෝන් ගැසිමට කිසිවෙකුටත් අවසර නැති බව පවසමින් පහර දීම සිදුකර ඇත.

නීතීඥවරියගේ මෝටර් රථයේ දොර ඇර මුලින්ම ඇගේ සැමියාට පහර කිහිපයක් එල්ල කර ඇත. ඉන්පසුව නීතීඥවරියට ද අසභ්‍ය වචනයෙන් බැණවදිමින් ඇය හැද සිටි බ්ලවුසයේ කොලරයෙන් අල්ලා මෝටර් රථයෙන් ඉවතට ගැනීමට උත්සහා දරා ඇත. ඒ අවස්ථාවේදී සැකකරුවෙකු විසින් ඇගේ ගෙලෙහි තිබු රුපියල් එක්ලක්ෂ පහළොස් දහසක් පමණ වටිනා රන් මාලයද කඩා ගෙන ඇති බවට නීතීඥවරිය විසින් අනුරාධපුර මුලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇත.

සිද්ධිය සිදුවන අවස්ථාවේ නීතීඥවරියගේ දියණිය මෝටර් රථයේ පිටුපස අසුනේ ගමන් කර ඇති අතර සැකකරුවන් පිරිස පියාට පහරදීම නිසා දියණිය පියාට පහර නොදෙන ලෙස කෑගසද්දී මොටර් රථයේ ජනේලයක් අසලට බීමතින් පැමිණි පුද්ගලයෙකු ඇයව මෝටර් රථයේ ජනේලයෙන් ඉවතට ඇද එළියට ගැනීමට උත්සහා දරා ඇති අතර නීතීඥවරිය දියණිය පිටතට ගැනීමට නොහැකි වන ලෙස ඇගේ කකුලකින් අල්ලාගෙන සිට ඇත. ඒ අවස්ථාවේදී දියණියගේ හිස සහ ගෙල මෝටර් රථය අතරේ සිර වී තැලීම් තුවාල සිදුවීම හේතුවෙන් රෝහල්ගත කර ඇත.මෙම පහරදීම සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලීසියෙ ළමා හා කාන්තා කාර්යංශය නිතීඥවරියගේ දියණියගෙන් ප්‍රකාශයක්ද ලබා ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙකු අනුරාධපුර මුලස්ථාන පොලීසිය මගින් 16දා සවස අත්අඩංගුවට ගෙන ඇති අතර නීතීඥවරියගේ සැමියා පහර දුන් බව කියමින් පුද්ගලයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. නීතීඥ මධාරා විජේසිංහ මහත්මියගේ ගෙලෙන් අල්ලා ඇගේ ගෙලෙහි තිබු රන් මාලය කඩා ගැනිම හේතුවෙන් ඇගේ ගෙලට සහ නිකට ප්‍රදේශයටද තුවාල සිදුවී ඇත. සැකකරුවන් ඊයේ (17) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කිරීමට නියමිත තිබුණි.

මෙම පහර දීම සම්බන්ධයෙන් අනුරාධපුර නීතීඥ සංගමයේ සභාපති මහේෂ් කොටුවැල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම සහෝදර නීතීඥවරියට පහර දීම සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශන පිළිබදව දැඩි විමසිල්ලෙන් පසුවන බවත් සිය සහෝදර නීතීඥවරියට පහර දීම සම්බන්ධයෙන් සිය සංගමය බලවත් විරෝධය සහ අප්‍රසාදය පළ කරන බවද සඳහන් කළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා