පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට අඩු සැලකිලිඅලු

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට අඩු සැලකිලිඅලු

ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 1080ක් ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී කාර්යාල යටතේ සේවයේ යෙදෙන අතර රෝහල්වල 264දෙනකු සේවයේ යෙදී සිටිති.

රජයේ හෙද හෙදියන්ට නිළ ඇඳුම් දීමනාවක් වශයෙන් රු.14000ක් ගෙවනු ලැබුවත් පවුල් සෞඛ්‍ය අංශයේ අයට ගෙවනු ලබන්නේ රු.13500කි.

මේ තත්ත්වය කනගාටුදායක බවත් සමාන සේවා සපයන පවුල් සෞඛ්‍ය සේවා අංශයට අඩු සැළකිල්ලක් දක්වන බවත් එම මුදලින් ද ඔවුන්ට ගෙවා ඇත්තේ පසු ගිය මාර්තු වැටුප සමග රු.6750ක් බවත් එම මුදල හෝ එකවර ගෙවා නොමැති බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව හිඟ මුදල් වහාම ගෙවන ලෙසද සංගමය රජයෙන් ඉල්ලා සිටී.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා