රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබා ගැනීම

රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබා ගැනීම

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ මේජර්ට ඇප

රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුද හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ මේජර් ලලිත් රෝහණ ඇප මත මුදා හැරීමට කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් ආර්. ඒ. එන්. කේ. විතාරණ මහත්මිය ඊයේ(17) නියම කළාය.

කිරුළපන සණස බැංකුව වෙත රුපියල් 25.000ක මුදලක් තැන්පත් කිරීමට ගිය අවස්ථාවේ දී සැකකරු විසින් මෙම ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටුව බැංකුව වෙත ඉදිරිපත් කළ බවට පැමිණිල්ලේ සඳහන්ය.

සණස සංවර්ධන බැංකුවේ කළමනාකරු වු චන්දික රෝෂාන් ජයසුරිය මහතා කිරුළපන පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර මේජර්වරයා ඊයේ කිරුළපන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.‍

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මේජර් කන්නන්ගර කෝරලාගේ ලලිත් රෝහණ යන අය පවසා සිටියේ තමාට ලැබිය යුතු මුදලක් කොප්‍රල්වරයෙකු විසින් ලබා දුන් බවත් ඉන් කොටසක් මෙසේ බැංකුව වෙත තැන්පත් කිරීමට ගිය අවස්ථාවේ දී ව්‍යාජ මුදල් ඇති බවට බැංකුව තමා වෙත දැනුම් දුන් බවය.

අදාළ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් 5000 මුදල් හා ලක්ෂය බැඟින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළාය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ප්‍රධාන පොලිස් පරික්ෂක නුවන් වෙදසිංහ, ප්‍රේමතිලක ජයරත්න , උප පොලිස් පරික්ෂක දයානන්ද හා සැරයන් (37396) ප්‍රනාන්දු සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළහ. සිද්ධිය නැවත කැඳවිම මේ මස 26 වන දිනට කල් තැබිණ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා