ඌව පළාතේ ක්‍රීඩා සංවර්ධනයට දසලක්ෂ 15ක ප්‍රතිපාදන

ඌව පළාතේ ක්‍රීඩා සංවර්ධනයට දසලක්ෂ 15ක ප්‍රතිපාදන

  නිලධාරීන්ට පුහුණුව  ක්‍රීඩා සමාජවලට භාණ්ඩ

ඌව පළාත් ක්‍රීඩා සංවර්ධනය සඳහා පසුගිය අයවැයෙන් රුපියල් දසලක්ෂ 15ක මුදලක් වෙන්කරදී ඇතැයි ඌව පළාත් යෞවන කටයුතු, ක්‍රීඩා, සමාජ සුභසාධන, වතු යටිතල පහසුකම් සංවර්ධන, විදුලි බල හා බලශක්ති සහ කර්මාන්ත සංවර්ධන ඇමැති සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවැසීය.

මේ මූල්‍ය ප්‍රතිපාදන පළාතේ ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම,ක්‍රීඩා සමාජ සඳහා අවශ්‍ය භාණ්ඩ ලබාදීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතාවන් වර්ධනය කිරීම මෙන්ම ක්‍රීඩා නිලධාරීන්ගේ පුහුණු කටයුතු පැවැත්වීම වෙනුවෙන් වෙන්කර ඇති බවද ඇමැතිවරයා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා

2014 වර්ෂය වෙනුවෙන් මගේ අමාත්‍යාංශයට වෙන්වී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපයල් මිලියන 68.3 ක් වෙනවා. වතු යටිතල පහසුකම්වලට රුපියල් මිලියන 0.8ක් හා යෞවන කටයුතු සංවර්ධනය සදහා රුපියල් මිලියන 0.1ක් නම්‍යශීලී අරමුදලින් හා උපමාන පාදක අරමුදලින් වෙන්කරදී තිබෙනවා.

2013 ජාතික මහා ක්‍රීඩා උළලේදී අප පළාත 2012 වර්ෂයට වඩා කිසියම් පසුබෑමක් ලබා ඇති බව මා පිළිගන්නවා. 2012 වර්ෂයට වඩා 2013 වර්ෂයේ අප ලබාගත් පදක්කම් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කළත් රන් පදක්කම් සංඛ්‍යාව 2012 ට වඩා අඩුවීම හේතුවෙන් මේ පසුබෑම සිඳුව තිබෙනවා. පා පැදි ක්‍රීඩකයන් දෙදෙනා අනතුරකට භාජනයවීම නිසා අවාසනාවන්ත ලෙස අපට රන් පදක්කම් දෙකක් අහමි වුණා.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා