මිල්ලනිය කිඹුලවිල කන්ද ජල ව්‍යාපෘතිය අසාර්ථකවීමෙන් පවුල් 70ක් අසීරුවට

මිල්ලනිය කිඹුලවිල කන්ද ජල ව්‍යාපෘතිය අසාර්ථකවීමෙන් පවුල් 70ක් අසීරුවට

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිඹුලවිල කන්ද ජල ව්‍යාපෘතිය අසාර්ථක වීමෙන් පවුල් හැත්තැ පහක පමණ පිරිසක් පානීය ජල ගැටලුවකට මුහුණ පා ඇතැයි පවසති .

මීට වසර පහකට පමණ පෙර ආසියානු සංවර්ධන බැංකු ජල යෝජනා ව්‍යාපෘතිය මගින් මේ කන්දට ජලය ලබා දීමට කටයුතු කෙරිණි . කදු පාමුල මඩහැළ වෙල් යාය අයිනේ ඉදිකළ ළිදෙහි ජලය කදු මුදුනේ ටැංකියට පොම්ප කර නළ මගින් නිවාසවලට බෙදා දිමට කටයුතු කළත් මාස දෙකකට වඩා මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බව ගම්වැසියෝ පවසති.

මේ ළිදේ ජලය මලකඩ සහිත තෙල් තට්ටුවකින් යුක්ත බැවින් ගම්වැසියෝ ජලය ගැනිම ප්‍රතික්ෂේප කිරීම මෙයට හේතු විය.ළිද ඉදිරිපිට ඉදිකර ඇති මෝටරයේ විදුලිය විසන්ධි කර මීටරය ගලවා ගෙන ගොස් ඇති අතර ලක්ෂ ගණනක වියදම අපතේ ගිය බව කිඹුලවිල වැසියෝ පවසති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා