සුන්දර ආදර කතාවලට වැඩි දෙනෙක් කැමතියි

සුන්දර ආදර කතාවලට වැඩි දෙනෙක් කැමතියි

මනීෂා සෙව්වන්දි අලගියවන්න

යොවුන් ප්‍රේමය ගැන ලියැවුණු පොත පත ලොව බොහෝය. ඒවායේ ලියැවුණු ප්‍රේම කතාන්දර ද එකිනෙකට වෙනස්ය. විසි හැවිරිදි ආධුනික ලේඛිකාවක වන මනීෂා සෙව්වන්දි අලගියවන්නගේ ‘ආත්මයම නුඹ මගේ‘ කලා කෘතිය ද ප්‍රේමය හඳුනන හා නොහඳුනන සිත්වලට ද සරල රසවින්දනයක් ලබා දෙමින් ප්‍රේමණීය නව කතාවක් ලෙස පාඨක අතට පත් වී ඇත. ඇය යොවුන් ලේඛිකාවකි.

* ඔබේ ප්‍රථම නිර්මාණය වන ‘ආත්මයම නුඹයි මගේ‘ නවකතාව පාඨකයාට හඳුන්වා දෙන්නේ කොහොමද?

මෙය ඉතාමත් සරල නමුත් ඇතුළාන්තයෙන් ගැඹුරු ආදර කතාවක්. මගේ ප්‍රථම නිර්මාණ කෘතිය වන මේ කෘතිය සැබැවින් ආදරේ කළ දෙදෙනෙක් කවදා හෝ එක් වන බව පාඨකයාට කියා පෑමට අදහස් කළා. බොහෝ පාඨකයන් ඉල්ලන්නේ සුන්දර රසවත් ආදර කතා. ඉතින් මෙය ආරම්භයේ සිටම කුතුහලයෙන් පිරි නිර්මාණයක් බවට පත් කිරීමට හැකි වූ බව මට ලැබෙමින් පවතින පාඨක ප්‍රතිචාරවලින් පෙනේනනට තිබෙනවා.

* ‘ආත්මයම නුඹයි මගේ‘ කෘතියේ සාරාංශයෙන් බිඳක් කිවහොත්?

මෙය සකුනි සහ සඳරු කියන යොවුන් ප්‍රේමවන්තයන් දෙදෙනෙක් වටා ගෙතුණු කතාවක්. පාසල් අධ්‍යාපනය නිම වීමත් සමඟ අහම්බයකින් හමු වන ඔවුන්ගේ ප්‍රේම කතාන්දරයට සකුනිගේ නිෙවසින් යම් අකමැත්තක් පළ වෙනවා. ඒ සමඟ සකුනිගේ නිවැසියන් ගෙන ආ විවාහ යෝජනාවක් නිසා ඔවුන්ගේ ආදර කතාවට එක් වන ශෙනාල් නමැති තරුණයා නිසා සකුනි සහ සඳරුගේ ආදරය දෙදරා යන්නට පටන් ගැනීමත් සකුනි විදේශගතවීමත් සදරුගේ අතුරුදහන් වීමත් ඇතුළු සිදුවීම් ගණනාවක් ඔස්සේ මේ නවකතාව ගලාගෙන යනවා. එය කියවා රසවිදීම මම පාඨකයාට පවරනවා.

* මෙවැනි නවකතා සම්බන්ධයෙන් වත්මන් සමාජය දක්වන්නේ කුමන ප්‍රතිචාරයක්ද?

අද සමාජයේ නිරන්තරයෙන් දකින්න ලැබෙන්නේ වාණිජ පරමාර්ථයෙන් ලියැවෙන පොත පතයි. ඒ සදහා ඇතැම් ලේඛකයන් පෙරදිග සමාජය ප්‍රතික්ෂේප කරන අනියම් සබඳතා උපකල්පනය කරමින් සමාජමය බැඳීම් බිඳී යන ආකාරයේ සිතිවිලි ඇති වන අන්දමේ නිර්මාණ බිහි කරන්න පෙලඹී තිබෙනවා. මම එවැනි පොතපත ලියැවෙනවාට කැමැති නැහැ. මගේ නිර්මාණවලට මම යොදා ගන්න කැමැත්තක් දක්වන්නේ සමාජයට යම් ආදර්ශයක් සපයන කතාන්දරයක්. පාසල් කාලය නිම වීමත් සමග නවකතා කියැවීමට මම යොමු වුණා.

යොවුන් වයසේ පසුවන බොහෝ දෙනා පොත පත කියවන්නට පටන් ගන්නේ පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුවයි. වාණිජ පරමාර්ථයෙන් ලියැවුණු අනිසි සබඳතා, සමාජය අනුමත නොකරන ක්‍රියා පිළිබඳ කියැවෙන පොත පත ඒ සමග කියැවූවොත් යොවුන් මනස පවා වෙනස් වෙනවා. වර්තමාන සමාජයේ පවතින සමාජ ප්‍රශ්න අතරේ ආදර්ශවත් දේ නිර්මාණ සඳහා යොමු විය යුතු බව මගේ හැඟීමයි. යොවුන් ආදරයට සමාජයේ තිබෙන්නේ හොඳ තැනක්. එවැනි වයස් සීමාවක් ඇතුළත දී ආදර කතා කියැවෙනවා වැඩියි. බාල පිරිස් වගේම වැඩිහිටියන් පවා එවැනි කතා කියවන්න කැමැතියි. ‘ආත්මයම නුඹයි මගේ‘ පොත කියවූ පාඨකයන්ගේ හොඳ ප්‍රතිචාර තිබෙනවා. මට ඒ ගැන සතුටුයි.

* ඉදිරියේ දී තවත් නිර්මාණ බිහි කිරීමට කැමැත්තක් තිබෙනවාද?

මෙය මගේ ප්‍රථම නිර්මාණය. ෙහාඳ ප්‍රතිචාර තිබෙන නිසා මා අපේක්ෂා කරනවා ‘ආත්මයම නුඹයි මගේ‘ නවකතාවේ දෙවැනි දිගහැරුමක් නිර්මාණය කිරීමට. ඊට අමතරව කෘති රචනයේ නියැලීමට මම අපේක්ෂාවෙන් සිටිනවා.

* මේ කෘතිය රචනා කිරීමේ දී ආධුනික ඔබට දිරි දුන්නේ ?

මගේ මාපියන් වගේම ගුරුභවතුන් මේ කෘතිය ලියා පළ කරන්න උපකාර කළා. මගේ ප්‍රථම නිර්මාණය නිසා මගේ හිතවතුන් බොහෝ දෙනෙක් ආත්මයම නුඹ මගේ කෘතිය කියවා ගුණ දොස් පවසනවා. එය මගේ ඉදිරි ගමනට මහත් පිටිවහලක්. මම ඒ සියලු දෙනාටම ස්තුතිය පළ කරනවා.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා