කුණු දැමූ ඉඩමේ අයිතිකරු හා නගරසභාව සමථයට පැමිණ අධිකරණයට දන්වන්න

කුණු දැමූ ඉඩමේ අයිතිකරු හා නගරසභාව සමථයට පැමිණ අධිකරණයට දන්වන්න

මීගමුවේ උද්ගතව ඇති කුණු ප්‍රශ්ණයට නීත්‍යානුකූල විසඳුමක් ලබාගැනීම සඳහා කුණුදමන ඉඩමේ අයිතිකරුවන් හා මීගමුව නගරසභාව අතර සමථයක් ඇති කරගෙන අධිකරණයට කඩිනමින් වාර්තා කරණ ලෙස මෙම කුණු ප්‍රශ්ණය පිළිබඳව අධිකරණයට ඉදිරිපත් කර තිබූ පැමිණිලි විභාගයට ගැනීමෙන් පසුගියදා මීගමුව අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා

පාර්ශ්වකරුවන්ට පැවසීය.

කුණු දමන ඉඩමේ අයිතිකරුවන් හා මීගමුව මහනගරසභාව අතර මතුව ඇති ප්‍රශ්ණයක් නිසා නගරයේ ගෘහස්ත හා ඉවත දමන විවිධ අපද්‍රව්‍ය මීගමුව නගර සභාව මඟින් ගෙනයාම නවතා දමා ඇති බැවින් මෙම කුණු ප්‍රශ්නය මීගමුවේ සති කීපයක් සිට පවතී.

දැනට මීගමුවේ තැනින් තැන ප්‍රධාන මං මාවත්වලට ජනතාව කුණු ගෙනවිත් දැමීමට පුරුදුව ඇත. නගරයේ තැනින් තැන කුණු ගොඩවල් දිස්වන අතර කුණුගොඩවල්වල දුඟඳ හමනවා පමණක් නොව පනුවන් වැනි විවිධ සතුන් වර්ග බෝවීමට පටන්ගෙන තිබේ.

ජනතාව රෝග පීඩාවලට පමණක් නොව දෛනික ජීවිතයේ මහත් දුෂ්කරතාවයන්ටද මේ නිසා මුහුණ දී සිටිති.

මේ සම්බන්ධව මීගමුව නගරසභාව වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥය ලලිත් ප්‍රනාන්දු මහතා - කොච්චිකඩේ ඕවිටියාවත්ත ප්‍රදේශයේ ඉඩමකට දැනට වර්ෂ 35කට පමණ පෙර සිට මම ඉඩම් හිමියාගේ කැමැත්ත මත මීගමුව මහනගර සභා බලප්‍රදේශයේ කුණු දමනවා. දිනකට ටොන් 100ක් පමණ කුණු දානවා. ඉන්පසු බොරළු දාට්ටුවක් දමා වසනවා. එහෙත් පසුගිය වර්ෂා දිනවලදී කුණුදැමුණ බොරළු දමා වැසීමට මඟ හැරී ගොස් තිබුණා. ඒ හේතුව නිසා ඉඩම්හිමියන් දැන් මෙම ඉඩම වටා කම්බි දමා ආවරණය කර තිබෙනවා. නගර සභාවේ සේවකයන්ට දැන් එහි කුණු ගෙන ගොස් දැමීමට බැරිව මේ තත්ත්වය උද්ගත වුණා.

මීගමුව අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා - මෙම සිද්ධිය සම්බන්ධව කොච්චිකඩේ පොලිසිය විසින් පසුගිය 13 දා එම ඉඩමට කුණු දැමීම නිසා සිදුවන පරිසර හානිය ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එහෙත් පාප්වහන්සේගේ සම්ප්‍රාප්තිය නිසා 14, 15 දින දෙක කුණු දාන්න නගර සභාවට අධිකරණ නියෝගයකින් අවසර දුන්නා.

නමුත් නැවත මීගමුව පොලිසිය නගරසභාවට එරෙහිව පැමිණිල්ලක් ගොනුකරලා. ඒ නිසා නැවත ඒ ඉඩමට කුණු දාන්න අවසර ඉල්ලන්න සිදුවෙලා. වරිපනම් ගෙවන වැසියන්ගේ කැළි කසළ විධිමත්ව ඉවත් කිරීම නගරසභාව සතු වගකීමක්.

දින දෙකකට කුණු දැමීමට දුන් නියෝගය වෙනස් කර වෙනත් නියෝගයක් දීමට අධිකරණයට බැහැ. ඉඩම් හිමියා සහ නගරසභාව එක්ව සමථයකට ඇවිත් අධිකරණයට කරුණු දැක්විය යුතුයි.

සාක්කි දීමට හෝටල්හිමියන්ගේ සංගමයේ නියෝජිතයන්, ව්‍යාපාරිකයන්, බදුගෙවන ජනතාව පැමිණ සිටියහ. මීගමුව සහ කොච්චිකඩේ පොලිසි අධිකරණයට කරුණු දැක්වීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා