බස්නාහිර කලා කටයුතු නංවන්න දස ලක්ෂ 44ක ප්‍රතිපාදන

බස්නාහිර කලා කටයුතු නංවන්න දස ලක්ෂ 44ක ප්‍රතිපාදන

පළාතේ කලා හා සංස්කෘතික කටයුතු ඔප්නැංවීමේ ව්‍යාපෘති සඳහා බස්නාහිර පළාත් සභාව මේ වසරේදී වැය කරන මුදල රුපියල් දසලක්ෂ 44කි.

එමෙන් එහි සෞන්දර්ය නිකේතනයේ කටයුතු වෙනුවෙන් තවත් රුපියල් දසලක්ෂ 30ක් වෙන් කර දී ඇත. ජනතාවගේ අධ්‍යාත්මික ගුණධර්ම නැංවීමට පිටිවහලක් වශයෙන් එම කටයුතු කෙරෙහි තම අමාත්‍යංශය වඩාත් උනන්දු වන බව ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ආගමික හා සංස්කෘතික කටයුතුවල යෙදීම යුද කාලය තුළ ජනතාවගෙන් ගිලිහී ගිය බව පවසන ප්‍රධාන ඇමැතිවරයා දිවි පැවැත්ම පිරිහී යාමට එය ඉවහල් වී යැයි ද එහෙත් රට එම තත්ත්වයෙන් මිදීම නිසා ජනතාව නැවත වරක් ඒ කෙරෙහි යොමු වී තිබීම සතුටට හේතුවී ඇතැයි ද කීය.

එය රැක ගැනීමට විශාල මෙහෙවරක් කරනවා යැයි කී රණතුංග මහතා, විශේෂයෙන් සංචාරකයන් උදෙසා කොළඹ 07 Arcade පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් දෛනික නර්තන ප්‍රසංග පැවැත්වීමට එම ආයතනයෙන් සිදුවන බව කීය. එමෙන් ම ලොව සුපතල චිත්‍රපට අනුරංග ශාලාවේ ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇත. කෙටි චිත්‍රපට සැකසීම වැනි පාඨමාලා ක්‍රියාත්මක කිරීම නාට්‍ය පුහුණුවීම සඳහා අවශ්‍ය ශාලා පහසුකම් කලාකරුවන් වෙත ලබාදීම ද අපේක්ෂා කෙරේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා