අතවරයට ලක්ව ගැබ්ගත් දැරිය වෙනුවෙන් ගබ්සාවක් ඉල්ලා, වෛද්‍යවරු උසාවි යති

අතවරයට ලක්ව ගැබ්ගත් දැරිය වෙනුවෙන් ගබ්සාවක් ඉල්ලා, වෛද්‍යවරු උසාවි යති

වැඩිමහල් සොහොයුරියගේ සැමියා අතින් දූෂණයට ලක්ව ගැබිනියක වී සිටින නොවැඩුණු 11 හැවිරිදි දැරියකගේ ජීවිත අවදානම් තත්ත්වය සලකා ඇය ගබ්සාවට ලක් කිරීම සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. මහසෙන් මහතා හැටන් මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා ඇත.

මෙරට නීතිය අනුව ගබ්සාව කිරීම තහනම් අතර මෙවැනි විශේෂිත හේතුවක් අනුව එවැනි අවස්ථාවන්හි අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අනුව මේ දැරියගේ ගබ්සා කිරීම සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ හා මානසික වෛද්‍යවරුන් දෙදෙනකුගේ අනුමැතිය හා අධිකරණ අවසරය මේ ලෙස ඉල්ලා ඇත. දික්ඔය දරවල පහළ කොටස පදිංචි මේ දැරිය ඊට ‍ෙපර ද ප්‍රදේශයේ තරුණයකු අතින් අතවරය‍ට ලක්ව ඇති බව ද අනාවරණය වී තිබේ.

කෙසේ නමුත් තුන්මස් ගැබිනියක් වූ ඇය දික්ඔය රෝහලෙන් නාවලපිටිය රෝහලට එවා ඇති අතර එහිදී දරුවකු ප්‍රසූත කිරීම තරම් ශරීරය නොවැඩුණු කෙනෙකු බවත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවත් නිගමනය වීම නිසා මෙසේ ගබ්සාවට තීරණය වී ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා