මිල්ලනියේ අක්කර 17ක් අස්වද්දන්න රුපියල් කෝටි 14ක ප්‍රතිපාදන

මිල්ලනියේ අක්කර 17ක් අස්වද්දන්න රුපියල් කෝටි 14ක ප්‍රතිපාදන

වසර තිහක පමණ කාලයක සිට පුරන්ව පවතින මිල්ලනිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ උඩුවර බණ්ඩාරවිල වෙල්යායේ අක්කර 17 1/ 2ක් මහ කන්නය සඳහා වගා කිරීමට මිල්ලනිය ගොවිජනසේවා මධ්‍යස්ථානය මගින් කටයුතු යොදා තිබේ .

කුරුළුතුඩ , බටහෙලවැල් හා දුරුවි යන දේශිය වී වර්ග තුනෙන් සරුසාර වී ඇති මේ ව්‍යාපෘතිය සඳහා නැඩප් සංවිධානය මගින් රුපියල් කෝටි 14ක ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කර තිබේ .

මේ ව්‍යාපෘතිය මිල්ලනිය ගොවිජනසේවා සංවර්ධන නිලධාරිණි එම් . එම් . පි. එස් අබේවර්ධන මහත්මියගේ මුලිකත්වයෙන් උඩුවර කෘ පනිස නිමල් ද සිල්වා මහතාගේ මුලිකත්වයෙන් සිදු කෙරිණ .

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා