පදිංචි නිවෙස නාය ගිහින්: අසරණ පවුලට පිහිට වුණොත් පින්

පදිංචි නිවෙස නාය ගිහින්: අසරණ පවුලට පිහිට වුණොත් පින්

පසුගිය දා පැවති ධාරානිපාත වර්ෂාව සමග කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කංකීරියේ නිවෙසක් නාය යෑමෙන් අනූනවයෙන් බේරී හතර දෙනෙක් දිවි බේරාගෙන අසරණ තත්ත්වයට වැටී සිටින පවුලක් පිළිබඳව වාර්තා වෙයි.

මේ නිවසේ භූමිය ඉරිතලා ගොස් ඇත. නිවසින් ඉවත්වන ලෙසට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් නාලිකා පියසේන මහත්මිය නිවෙස් හිමියාට උපදෙස් දී ඇතත් නිවෙස් හිමියාට යාමට ස්ථානයක් ඉඩමක් නොමැති බව කියයි. මේ පිළිබදව නිවෙස් හිමියා වන කේ.ජී. තුසිත පුෂ්පකුමාර මහතා මෙසේ කීවේය.

බිරිය ඇතුලු දරුවන් දෙදෙනෙක් සිටිනවා. ස්ථිර රැකියාවක් නැහැ. සිද්ධිය වූ දින කෑම කාලා රාත්‍රී නින්දට ගියා. බිරියයි ළමයි දෙන්නයි එකම කාමරයක නිදා ගත්තා. බිරිය දරුවෙක් ලැබීමට ආසන්නයෙන් සිටිනවා. නිදාගෙන සිටින විට බිරිය කීවා කුසේ සිටින දරුවා දඟලනවා කියලා. ඒ නිසා ඇඳෙන් බහින්න ඕනෑ කියා කීවා. එවිට බිරිය ඇදෙන් බැස ගෙයි මැද සාලෙට ගියා. එවිට පස්කැටයක් වගේ දෙයක් අපි සිටි කාමරයට වැටුණා.

වහාම අනෙක් ළමයි දෙන්නාද මැද සාලය වෙත එක්කරගෙන ගියා. ඒ සමගම විශාල ශබ්දයක් සමග පස් කන්දක් කාමරයේ බිත්තිය කඩාගෙන යට වුණා. දෙයියෝ බලලා තමයි අපේ ජීවිතය බේරුනේ. එක දරුවෙක් ආබාධිතයි. මේ අය අරගෙන කොහේ යන්නද කියලා හිතාගන්නත් බැහැ. මේ ගැන වගකිව යුතු අයට දැනුම් දුන්නා. මේ දක්වා කිසිම පියවරක් ගෙන නැහැ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා