වතුර ගෙන ඒමට ළිඳට ගිය මම අම්මා ළිඳේ පාවෙනවා දැක්කා

වතුර ගෙන ඒමට ළිඳට ගිය මම අම්මා ළිඳේ පාවෙනවා දැක්කා

මා වතුර ගෙනඒමට උදේ ළිඳ ළඟට ගියා. එවිට අම්මා ළිඳේ පාවෙනවා දුටුවා යැයි 70 හැවිරිදි මවගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් ගුණසිංහගේ අජිත් යන කීය.

කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් සාක්ෂිකරු තවදුරටත් මෙසේ පැවසීය.

මියගියේ මගේ මවයි. ඇය මාත් සමඟ මගේ නිවසේ පදිංචිව සිටියා. ඇය වසර 10ක සිට අධික රුධිර පීඩනයෙන් පෙළුනා.

සිද්ධිය වූ දින රෑ 8.30වන තුරු අම්මා මා සමඟ රූපවාහිනිය නරඹමින් සිට නින්දට ගියා. පසුදා උදේ 6.00ට පමණ බලන විට ලයිට් දා තිබුණත් අම්මා පේන්න හිටියේ නැති නිසා මා සොයා බැලුවා.

අම්මා ළි‍ඳේ පාවෙන බව අයියාට දන්වා ඉන්පසු පොලිසියටද දැන්වූවා. පොලිසිය පැමිණ අම්මාගේ සිරුර කළුතර මහරෝහලට ගෙන ගියා.

එදිරිසිංහ ෂෙල්ටන් යන අයද මෙහිදී සාක්ෂි දුන්නේය.

ඉදිරිපත් සාක්ෂි සහ කළුතර මහ රෝහලේ වෛද්‍ය එස්. එස්. අත්තනායක මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුව මෙම දියේ ගිලී මරණයක් බව තීරණය කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා