මස් වැද්දන්ගේ උගුලට හසු වූ අඳුන් දිවියා දිවි පුදයි

මස් වැද්දන්ගේ උගුලට හසු වූ අඳුන් දිවියා දිවි පුදයි

නෝර්වුඩ් පොලිස් වසමේ පුලියාවත්ත ඇබගන් කොටසේ ඇබටන් කොටසේ අටවන ලද උගුලකට අසුව මියගොස් සිටි අඳුන් දිවියකු ප්‍රදේශවාසීන් සොයා ගෙන ඇත. මේ අඳුන් දිවියා දිගින් අඩි 04ක් ද උසින් අඩි 03ක් ද වන බව පොලිසිය පවසයි.

තේ වතු ආශ්‍රීතව කලක පටන් සැරිසරමින් සිට ඇති මේ දිවියාගේ සම හා මස් ලබා ගැනීම සඳහා මරා දමන්නට ඇති බවට පොලිසිය සැකකරයි. වැඩිදුර පරීක්ෂණ සඳහා දිවියාගේ මළ සිරුර නල්ලතන්නිය වන ජීවී කාර්යාලය වෙත බාරදී ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා