ලක්ෂ 10ක් වටිනා ගංජා කිලෝ 100ක් තණමල්විල දී අත්අඩංගුවට

ලක්ෂ 10ක් වටිනා ගංජා කිලෝ 100ක් තණමල්විල දී අත්අඩංගුවට

අලෙවි කිරීමට සූදානම්කර තිබූ කොලිටි වර්ගයේ ගංජා කිලෝ ග්‍රෑම් සියයක් (100) සමඟ සැකකරුවෙක් තණමල්විල මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් සෙනසුරාදා (31) රාත්‍රී 09.00ට පමණ තණමල්විල වැල්ලවාය මාර්ගය අසළ ස්ථානයකදී සැකකරු සන්තකයේ තබාගෙන සිටි ගංජා තොගය සමඟ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු තණමල්විල පදිංචිකරුවෙකි. මේ ගංජා ‍තොගයේ දල වටිනාකම රුපියල් දස ලක්ෂයක් (රුපියල් 10,00000) පමණ වෙයි. ගංජා තොගය සමඟ සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක දීපාල් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදුකර තිබිණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා