හැත්තෑව ඉක්මවූ වැඩිහිටියන් 70කට දහම් පාසලෙන් දන් පිළිගන්වයි

හැත්තෑව ඉක්මවූ වැඩිහිටියන් 70කට දහම් පාසලෙන් දන් පිළිගන්වයි

වයස අවුරුදු හැත්තෑවඉක්මවූ වැඩිහිටියන් 70 දෙනකු වෙනුවෙන් ජීවදානමය පිංකමක් පසුගියදා නාඋල නාලන්ද ශ්‍රි නාලන්දාරාමයේදී පැවැත්විණි.නාලන්ද ශ්‍රි අංගීරස දහම් පාසලේ දරු දැරියන් හා ගුරු මණ්ඩලය එක්ව වැඩිහිටි පිරිස වෙනුවෙන් සෙත්පිරිත් දේශනයක් පවත්වා සග සතු දානයක් පිරිනැමීමෙන් අනතුරුව වැඩිහිටියන්ට ද දන් පිළිගන්වා පිරිකරද පුජා කළහ.

දහම් පාසලේ දරුදැරියන් 400 පමණ සහභාගි වු මෙම පිංකම විහාරාධිපති කුරිවෙල සුමංගල හිමියන්ගේ උපදෙස් පරිදි දහම් පාසලේ ප්‍රධානාචාර්ය නීල් ප්‍රියන්ත මහතා ඇතුලු ගුරුමණ්ඩලය විසින් සංවිධානය කෙරිණි.එහිදී සගරුවන සෙත්පිරිත් දේශනා කළ අතර වැඩිහිටියන්ට දන් පිළිගැන්වූ අයුරු.මෙයට එක්වූ දහම් පාසලේ දූ දරුවෝද මෙහි වෙති. @ඡායාරූප - දඹුල්ල මධ්‍යම අනුරාධ මහින්ද දිසානායක

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා