යතුරුපැදි අනතුරින් කතක් මිය ගිහින්: සැකකරුට රුපියල් ලක්ෂයක අැප

යතුරුපැදි අනතුරින් කතක් මිය ගිහින්: සැකකරුට රුපියල් ලක්ෂයක අැප

ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශයේදී නොසැලකිලි‍ මත් ලෙස යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙක් තම නිවෙස අසලම පදිංචිකාරියක් අනතුරට පත්කිරීමෙන් එම තැනැත්තිය බරපතළ තුවාල ලබා මියයෑම පිළිබඳව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කරන ලද යතුරුපැදිකරුට රුපියල් ලක්ෂයක පුද්ගල ඇපයක් නියම කළ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය මියගිය කාන්තාවගේ දරුවන් වෙනුවෙන් රුපියල් හැත්තෑපන් දහසක මුදලක්ද ගෙවන ලෙස නියෝග කළාය.

විත්තියේ හා අගතියට පත් පාර්ශවයේ එකඟතාව මත එම වන්දි මුදල ගෙවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර නඩුව විමසීම අප්‍රියෙල් 28 දිනට කල් තැබුවාය.

චෝදනා ලැබූ අයගේ රියදුරු බලපත්‍රය නඩුව අවසන්වනතුරු අත්හිටුවීමටද නියෝග කළාය‍. පැමිණිල්ල ගණේමුල්ල පොලිසියේ රථවාහන අංශය ඉදිරිපත් කළේය.

චෝදනා ලැබුවේ කුමාරසිරි පෙරේරා යන අයයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා