පෙම් හුටපටයට බිරිය සමඟ උරණවූ හමුදා සැරයන් වස බීලා

පෙම් හුටපටයට බිරිය සමඟ උරණවූ හමුදා සැරයන් වස බීලා

නිවාඩු ලබා සිය නිවසට පැමිණි යුධ හමුදා සැරයන් වරයකු රාත්‍රියේ අදුරේ නිවස අසල රැදීසිට දුරකථනයෙන් වෙනත් කාන්තාවක් සමග කථාකරමින් සිටියදි හොර රහසේ එම ස්ථානයට පැමිණ එම කථාවට සවන්දුන් බිරියසැමියා සමග ඇතිකරගත් ආරවුලක් නිසා ඔහු වස පානයකර ඉතා බරපතළ තත්වයෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරනලද පොලිස් පරික්ෂණවලදි හෙලිවි ඇත්තේ මෙම සැරයන්වරයා නිවඩු ලබා නිවසට පැමිණ සිටින විට රාත්‍රියේදි ලැබුණුදුරකථන ඇමතුමක් නිසා අදුරේම මිදුලට ගොස් කාන්තාවක් සමග කථාකරමින් සිටි බවය.

මෙහිදි මොහුගේ බිරියදරුවා කරපින්නාගන හොර රහසේ සැමියා ආසන්නයට ගොස් මෙම කථාවට ඇහුමිකන්දීමෙන් පසු මෙම අරවුල ඇතිවී තිබේ.

අනතුරුව දින දෙකකට පමණ පසු මොහු සේවයේ නිරත හමුදා කදවුරටයාමට පැමිණ එදින අතරමගදී සිය සොයුරියගේ නිවසේ රැදිසිට පසුදා කදවුරට යන අතරමගදි මොහුගේ දුරකථනයට කථාකර ඇති බිරියඔහුට එරෙහිව මහියංගනය පොලිසියට පැමිණිල්ලක්කර ඇතිබව පවසා ඇත.අනතුරුව මොහු බකඹුණ නගරයට පැමිණ වසබෝතලයක් රැගෙන ගොස් අතරමගදි එය පානයකර මහමාර්ගයේ වැටී සිටියදි එහිසිටි පිරිස් විසින් මොහු රැගෙනවිත් දඹුල්ල මුලික රෝහලට ඇතුළත්කර ඇත.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ මහියංගනය අරාවත්ත පෙදෙසේ පදිංචි 29 හැවිරිදි අළුත්ගෙදර රංජිත් බංඩාරනැමැත්තෙකි.

බකමුණ පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වාගනයනු ලැබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා