පාන්පිටි-සිමෙන්ති උපයෝගී කරගෙන විස්මිත නිමැවුම් කරන ශිල්පියෙක්

පාන්පිටි-සිමෙන්ති උපයෝගී කරගෙන විස්මිත නිමැවුම් කරන ශිල්පියෙක්

පාන් පිටි සහ සිමෙන්ති පමණක් උපයෝගී කරගෙන තම දෑතින්ම චිත්‍ර මූර්ති කැටයම් නිර්මාණය කරන චිත්‍ර ශිල්පියෙක් චිත්‍ර මූර්ති කැටයම් කලාකරුවෙක් අපට හමවුවිය.

ඔහු නමින් ඩබ්ලිව්. සිරිපාලය. දැනට මල්වතු හිරිපිටිය නගරයේ ස්ථානයක තම සේවා ස්ථානයක් පවත්වාගෙන යන කලා මධ්‍යස්ථානයේ තම දෑතින්ම කරන ඉදිකිරීම් නිර්මාණ දැක බලා ගැනීමට පවා එහි යන එන පිරිස් ද දැකගත හැකිය.

නව තාක්ෂණයෙන් යන්ත්‍ර සූත්‍ර මඟින් කෙරෙන ඉදිකිරීම්වලට වඩා තම දෑතින් කෙරෙන නිර්මාණ හා ඉදිකිරීම් සඳහා නියමිත වෙළෙඳපොළක් නොමැතිකම ගැන ද ඔහු පසුතැවිලි වෙයි.

එහෙත් තම දහදිය මහන්සියේ හැකියාව තුළින් දේශීයත්වයට තැන දෙමින් තම ජීවන වෘත්තිය සඳහා ගෙන යන සටනට සහනයක් නොමැති කම ඉතා කනගාටු දායකය.

මෙවැනි ස්වයං රැකියා කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදනයට, නියමිත වෙළෙඳපොළක් භාණ්ඩ අලෙවියේ දී ලැබෙන ඉතාම අඩු මුදලින් බදු අය කිරීමක්ද සිදුකිරීම දුප්පත් ස්වයං රැකියා කර්මාන්තයේ දී යෙදෙන කර්මාන්තකරුවන්ට සිදුවන අසාධාරණ කරුණකි.

මේ අතර චීනය, ඉන්දියාව වැනි විදේශීය රටවලින් ලාභදායක සිඟිති නිර්මාණ, කැටයම් ආනයනය කිරීම තුළින් දේශීය ස්වයං රැකියාවලට අත්වන ඉරණම කනගාටුදායක බව ද සිරිපාල මහතා පවසයි.

චීන නිෂ්පාදන මිල අඩුය. එහෙත් සවි ශක්තියෙන් හීන බාල නිර්මාණය. ඇතුළත හිස් බවක් පෙන්වන තාවකාලික භාණ්ඩ වෙති. එහෙත් අප වැනි කලා නිර්මාණකරුවන්ගේ නිර්මාණ දේශීයත්වයට හිතකර අලංකාර සවි ශක්තිය ඇති භාණ්ඩ වෙයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා