ජාතික ශිෂ්‍යභට බළකායේ නව අධ්‍යක්ෂ වැඩ භාරගනී

ජාතික ශිෂ්‍යභට බළකායේ නව අධ්‍යක්ෂ වැඩ භාරගනී

ජාතික ශිෂ්‍යභට බළකායේ නව අධ්‍යක්ෂවකවරයා ලෙස මේජර් ජෙනරල් එල්.ඩබ්ලිව්. සී.බී.බී. රාජගුරු මහතා පත්කර ඇත. ඒ මහතා පාමංකඩ දෙහිවල පිහිටි ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේදී බෞද්ධාගමික වත් පිළිවෙළින් පසුව වැඩභාර ගැනීම සිදු කෙරිණි.

1980 වර්ෂයේදී කෙඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට එක් වී යුද හමුදාවේ උසස් නිලතල රාශියක් හොබවා ඇති මොහු මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයද, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනයද හදාරා ඇති අතර පාසල් සමයේ ශිෂ්‍යභට ඛණ්ඩයේ දක්ෂ ශිෂ්‍යභටයෙක් ලෙසද කටයුතු කර ඇත. ජාතික හා ජාත්‍යන්තර පුහුණු පාඨමාලා රාශියක් හදාරා ඇති ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදා පැසි පන්දු ක්‍රීඩකයකු හා වර්ණලාභී ටෙනිස් ක්‍රීඩකයකුද වීම විශේෂත්වයකි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා