ගෑස් බලෙන් කසිප්පු නිෂ්පාදනය කළ මධ්‍යස්ථාන රැසක් මීගමුවේදී වටලයි

ගෑස් බලෙන් කසිප්පු නිෂ්පාදනය කළ මධ්‍යස්ථාන රැසක් මීගමුවේදී වටලයි

දාගොන්න හා අවට ගම්මාන කිහිපයක රහසිගතව ගෑස් උපයෝගි කරගෙන කසිප්පු නිෂ්පාදනය කළ මධ්‍යස්ථාන රැසක් වටලා රුපියල් දස ලක්ෂයකට අධික කසිප්පු, ගෝඩා හා පෙරීමේ උපකරණ ඇතුළු සැකකරුවන් කටාන පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම මත්පැන් වෙසක් සමයට බෙදා හැරීමට සකසා තිබුණි.

මෙම වැටලීම්වලදී නීතිවිරෝධී මත්පැන් ඩ්‍රෑම් 11254ක්ද, ගෝඩා ඩ්‍රෑම්ස් 13310ක්ද, බැරල්, ප්ලාස්ටික් භාජන, දඟර, ගෑස් ටැංකි, ලිප්, ජල නළ, මැටි භාජන ඇතුළු තොගයක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හා තිබූ භාණ්ඩ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ද සිල්වා මහතාගේ උපදෙස් හා සහකාර පොලිස් අධිකාරි (1) පියසිරි ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් සේනාරත්න, උප පොලිස් පරීක්ෂකවරුන් වන බුද්ධික සංජීව, එම්. ඒ. බී‍. අලවල, පොලිස් සැරයන්වරුන් වන ආර්. ප්‍රසන්න කුමාර (19480), ඩබ්ලිව්. ජයවර්ධන (22103), උපාලි හෙල්ලරාව (16293) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කළහ.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා