යහපත් සමාජයක් ගොඩනගන්න ලේඛකයා සහ සාහිත්‍යය රැකගමු

යහපත් සමාජයක් ගොඩනගන්න ලේඛකයා සහ සාහිත්‍යය රැකගමු

අනුරපුර මහ දිසාපති කියයි

සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, උමංදාව, කව්සිළුමිණ, සසදාවත, ලෝවැඩ සඟරාව, සුභාෂිතය, බුදුගුණාලංකාරය, පූජාවලිය, ථූපවංශය, ලෝකෝපකාරය වැනි පොත් පත් කියවීමෙන් බාල කාලේ සිටම දරුවන්ගේ සිත් සතන් දැහැමින් වෙළී ගොස් යන මානව සමාජයක් නිර්මාණය වුණා.

මේ ඉතිහාසගත තොරතුරු අනුව යහ සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සාහිත්‍යත් - ලේඛකයාත් ඉදිරියට ගතයුතුව ඇතැයි අනුරපුර මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා පැවැසීය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේඛක සංගමයේ විශේෂ රැස්වීමක් අමතමින් හෙතෙම එසේ කීහ.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙහෙයවීමෙන් පවත්වනු බලන සාහිත්‍ය උත්සවවලට අනිවාර්යයෙන්ම ලේඛකයන් සම්බන්ධකර ගතයුතුව ඇතැයි පෙන්වාදුන් දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා දරුවන්ට කියවීමේ රුචිය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් ද ඇති කළ යුතුව ඇතැයි පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා