අමරවැව ග්ලිරිසීඩියා වවනවාට ගොවීන් විරුද්ධයි

අමරවැව ග්ලිරිසීඩියා වවනවාට ගොවීන් විරුද්ධයි

තිස්සමහාරාම අමරවැව අක්කර දහස් ගණනක් ග්ලිරිසීඩියා වගාවක් සඳහා දීම නිසා සශ්‍රීක බිම් සියල්ලම මුඩු බිම් බවට පත්වණු ඇතැයි පළාතේ ගොවි ජනතාව කියති.

මේ ඉඩම් ලබා දී ඇත්තේ මහා පරිමාණ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයකුට බවත් ප්‍රදේශයේ ගොවියකුට හේනක් කොටාගැනීමට බිම් අඟලක්වත් ලබා දී නොමැති බවත් කාවන්තිස්සපුර සිවිල් ආරක්‍ෂක කමිටු සභාපති ජී. මෙහොමඩ් මහතා පවසයි.

මේ පිළිබඳව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු මෙසේ කීය. මෙමඟින් කිසිදු පරිසර විනාශයක් වන්නේ නැහැ. විකල්ප විදුලි බල ශක්තියක් එමඟින් නිර්මාණය වී ජාතික විදුලි බල පද්ධතියට එමඟින් මෙගාවොට් විශාල ප්‍රමාණයක විදුලි එකතු කිරිමට හැකියාව ලැබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා