දම්මුල්ල හිරිදෙණිය විහාරය රැකගන්න ආධාර කරන්න

දම්මුල්ල හිරිදෙණිය විහාරය රැකගන්න ආධාර කරන්න

බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසයට අයත් දම්දුල්ල හිරිදෙණිය මහා විහාරස්ථානය නොහොත් ශ්‍රී සුධර්මාරාමය වසර 200කට වැඩි ඉතිහාසයක් ඇති පුජනීය ස්ථානයකි.

අක්කර 4ක පමණ භූමියක පිහිටා ඇති මේ විහාරස්ථානයේ දර්ශනීය විහාර මන්දිරයක්, චෛත්‍යයක් සහ අනුසස් ඇති බෝධියක් ද ඇත. මේ වන විට මෙහි විහාරාධිපති ධුරය හොබවනු ලබන්නේ දම්මුල්ලේ පියරතන හිමියෝය.

ඉපැරැණි විහාර ගෙය සංඝාවාසය ආදී ස්ථාන අලුත්වැඩියා කටයුතු කිරීමේ කාලයද පැමිණ ඇතත් මේ ස්ථානයට කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බැවින් එම කටයුතු අතපසු වී ඇත. ප්‍රදේශයේ වෙසෙන ජනතාවද අඩු ආදයම්ලාභී අය වීම හේතුවෙන් ඔවුන්ගෙන් ද විහාරස්ථානයේ දියුණුව සඳහා යමක් බලාපොරොත්තු විය නොහැකිය.

එබැවින් වගකිවයුතු අයගේ අවධානය මේ වෙත යොමුවිය යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා