වී කිලෝ ලක්‍ෂ දහසයක් මිලදී ගෙන අවසන්

වී කිලෝ ලක්‍ෂ දහසයක් මිලදී ගෙන අවසන්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් කිලෝ ලක්‍ෂ දහසයකට අධික ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය මිලට ගෙන ඇති බව පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු එන්. ජී. සී. කේ. නිශ්ශංක මහතා පැවැසීය.

මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා පිහිටුවා ඇති මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 24 මගින් වී මිලට ගැනීම සිදුකරන බව ද හෙතෙම කීය.

වී අලෙවි මණ්ඩලයට අලෙවි කරන වී තොග සඳහා නාඩු වර්ගයේ කිලෝවකට රුපියල් 32 ක බැගින් ද සම්බා කිලෝ එකක් සඳහා රුපියල් 35 ක් ද, වශයෙන් රජයේ සහතික මිල ගෙවන බව ද ඒ මහතා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා