කරච්චියේදී බෝම්බයකට 7ක් බිලි

කරච්චියේදී බෝම්බයකට 7ක් බිලි

පාකිස්තානයේ කරච්චි නගරයේ ඊයේ උදේ ඇතිවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 26 දෙනකු තුවාල ලබා ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කරයි.

නගරයේ ලියාරි කලාපයේ පැවැති පාපන්දු තරගයකින් පසු පිපිරුම සිදුව ඇත. බෝම්බය යතුරු පැදියක අටවා පාපන්දු තරගය පැවැති ක්‍රීඩාංගණයේ පිටත නවතා ගොස් තිබේ. පිපිරුමෙන් ජිවිතක්ෂයට පත් අයගෙන් වැඩිදෙනකු තරුණයෝය.

මිය ගිය ගණන 11ක් බවත් ඔවුන් වයස අවරුදු 6-15 අතර වූවන් බවත් පාකිස්තාන ජනතා පක්ෂ මන්ත්‍රීවරියක කීවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා