පොදු රද මඬුලු ශ්‍රී ලංකා රැස්වීම ඊළාම් සිහිනය බිඳ දැමීමක්

පොදු රද මඬුලු ශ්‍රී ලංකා රැස්වීම ඊළාම් සිහිනය බිඳ දැමීමක්

උතුරු මැද මහ ඇමැති  එස්. එම්. රංජිත්

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් රාජ්‍ය සිහිනය බිඳ දැමීමේ මහඟු අවස්ථාවක් බව උතුරු මැද පළාත් මහ ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළකැර සිටියේ අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේ්ශයේ රුපියල් අනූ ලක්‍ෂයක වියදමෙන් ග්‍රාමීය මාර්ග හතක් ප්‍රතිසංස්කරණ කටයුතු පෙරේදා (10) අරඹමිණි. එහි දී ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද කීය.

වසර තිහක පමණ කාලයක් තිස්සේ එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව පිළිබඳ පතුරුවා තිබූ මිථ්‍යාව සිඳ බිඳ දැමීමට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඉවහල් වනු ඇත. එසේම ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දමන ලද උතුරු නැගෙනහිර ප්‍රදේ්ශ වේගවත් සංවර්ධනයකට යොමු වී ඇති බව රාජ්‍ය නායකයන්ට අවබෝධ කැර ගත හැකි වනු ඇති බවත් විශේෂයෙන්ම ලොව බලගතු රාජ්‍යයන් රැසක ආර්ථිකය කඩා වැටෙමින් පවතින යුගයක රුදුරු ත්‍රස්තවාදයකට මුහුණ දී ශශ්‍රී ලංකාව අත්කැර ගෙන සිටින ආර්ථික ජයග්‍රහණය පිළිබඳ රාජ්‍ය නායකයන් තේරුම් ගනු ඇති බවත් පැවසීය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම ශශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවත්, ත්‍රස්තවාදයේ අළු ගසා දමා නැගී සිටින ශශ්‍රී ලංකාවෙහි ආර්ථික, සාමාජික, සංස්කෘතික සංවර්ධනය වේගවත් කැරෙන බොහෝ වෙළඳ හා සංවර්ධන ගිවිසුම් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමගාමිව සිදුවන බවත් ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහි දී උතුරු මැද පළාත් සභා මන්ත්‍රී උපාලි විජේකෝන් මහතා ඇතුළු තවත් කීප දෙනෙකු ද අදහස් දැක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා