අසූ අට දෙනාගේ ඔස්ට්‍රේලියා සිහිනය ගාලු මුහුදේ ගිලේ

අසූ අට දෙනාගේ ඔස්ට්‍රේලියා සිහිනය ගාලු මුහුදේ ගිලේ

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා යමින් සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකුගෙන් යුත් පිරිසක් රැගත් යාත්‍රාවක් පෙරේදා (10) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස ගාල්ලට කිලෝමීටර් 220 ක් ඈත මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා දිනමිණට පැවසීය.

මෙම පිරිස ‍අද 12 රාත්‍රී වන විට ගාල්ල නාවික හමුදා කදවුර වෙත රුගෙන ඒමට හැකි වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා