තරුණ තරුණියන් 33500කට මේ වසරේදී වෘත්තිය පුහුණුව

තරුණ තරුණියන් 33500කට මේ වසරේදී වෘත්තිය පුහුණුව

නාරාහේන්පිට පිහිටි ජාතික වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය යටතේ ඇති පුහුණු මධ්‍යස්ථාන මඟින් 2012 වසරේ දී තරුණ තරුණියන් 24000කට පුහුණුව ලබා දී තිබේ.

පූර්ණකාලීන සහ අර්ධකාලීන පාඨමාලා තුළින් මෙම වසර තුළ මුළුමනින් දිස්ත්‍රික්කයේ පමණක් තරුණ තරුණියන් 51 දෙනෙක් පාඨමාලා හදාරන බව. යාපනය, කිලිනොච්චි සහ මඩකළපුව දිස්ත්‍රික්කවල 2000ට වැඩි පිරිසක් පුහුණු සඳහා සම්බන්ධ වී ඇති බව වෘත්තීය පහුණු අධිකාරියේ උප සභාපති ජී.කේ. පතිරණ මහතා පවසයි.

වෘත්තිය පුහුණු අධිකාරිය මඟින් පවත්වනු ලබන පාඨමාලා සඳහා සම්බන්ධවීමට බලාපොරොත්තුවන තරුණ තරුණියන්ගේ පහසුව වෙනුවෙන් අධ්‍යාපන කලාප කාර්යාලවල නොවිධිමත් අධ්‍යාපන ඒකකය එක්ව පාඨමාලා සඳහා තරුණ තරුණියන් ඇතුළත් කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ මඟ පෙන්වීම යටතේ සියලුම වෘත්තිය පුහුණු මාධ්‍යස්ථානවලින් මෙම වසර තුළින් තරුණ තරුණියන් 33500ක් පුහුණු කරවීමට බලාපොරොත්තු වන බව එම අධිකාරිය පවසයි.

වෘත්තිය පුහුණු අධිකාරියේ සභාපති කර්නල් දර්ශන රත්නායක මහතාගේ උපදෙස් මත වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන්ට විදේශ රැකියා සඳහා ඉල්ලුම් කිරීමට පහසුවන අයුරින් විවිධ භාෂාවන් ඉගැන්වීමේ පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු ආරම්භ කර ඇති බවද ජී. කේ. පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා