හිනිදුම ඕපාතේ ගින්න හිතාමතා කළ දෙයක් ද

හිනිදුම ඕපාතේ ගින්න හිතාමතා කළ දෙයක් ද

පොලිසිය පරික්ෂණ අරඹයි

හිනිදුම ඕපාත මාතෘ නිවාස සංකීරණය අභියස ඇතිවූ හදිසි ගින්න ස්වභාවිකව හටගත්තේද නැති නම් යම්, විනාශයක් සිදු කිරීම සඳහා යමකු හෝ කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව සිදු කළේ ද යන්න හිනිදුම පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

පසුගිය 08 දින සවස හිනිදුම ඕපාත මාතෘ නිවාස සංකිරණය අසල අක්කර භාගයක පමණ කැළෑබද ප්‍රදේශයක හදිසියේ ගින්න හට ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ හිනිදුම පොලිසිය ප්‍රදේශවාසිනගේ ද සහයෝගය ඇතිව ගින්න නිවා දමනු ලැබීය. මේ ආකාරයට පොලිසිය හා ප්‍රදේශවාසිහු ක්‍රියාත්මක වී ගින්න නිවා නොදැම්මේ නම්, මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබිණි. මේ දිනවල රට පුරා ඇතිවී තිබෙන නියං තත්ත්වය මත යම් ගිනි ගැනීමක් සිදුවුවහොත් පැතිරීමද ඉතාම ඉක්මනින් සිදුවේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා